මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර සැතපුම් 35 අසල මස්සල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමක් අද සිදුකෙරනවා.

මේ හේතුවෙන් අදාළ දුම්රිය හරස් මාර්ගය අද දිනයේ වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව අද පෙරවරු 07 සිට පස්වරු 05 දක්වා කාලය තුළ එම දුම්රිය හරස් මාර්ගය වසා තැබෙනු ඇති.

මෙම මර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ට දැනුම් දෙන්නේ.

 

WhatsApp Group

Skip to content