මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සුලොස් චිලිමා ඇතුලු 09 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.
එරට ආරක්ෂක බලකායට අයත් ගුවන් යානයකින් මෙම පිරිස ගමන් කරමින් සිටියදී රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යා වාර්තා කර ඇත්තේ.
ඒ අනුව සෝදිසි කිරීමේ කටයුතු සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා සඳහන් කර තිබෙනවා.
2022 වසරේදී උප ජනාධිපති චිලිමා අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් අතර, මෙම වසරේ මැයි මාසයේදී ඔහුට එල්ල වූ එම චෝදනා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content