හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ ඊයේ දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිළිරුවේ දෑසින් රත් පැහැයෙන් යුතු යම් කිසි ද්‍රාවණයක් ගලා එන බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසූරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

හැටන් කුඩාගම ප්‍රදේශයේ කිතුණු භක්තිකයෙකුගේ නිවසේ තැන්පත් කර තිබූ ශාන්ත මරියතුමියගේ පිළිරුවේ වම් දෑසින් රත් පැහැති කඳු`ඵ ගලන බවට එම නිවසේ හිමිකරු විසින් දැක තිබෙනවා.

ඉන් අනතුරුව එම පිළිරුව හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය වෙත වඩම්මවා එහි තැන්පත් කළ බවයි ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් කියා සිටියේ.

ශාන්ත මරියතුමියගේ දේව ප්‍රතිමාව දැක බලා ගැනීම සදහා ඊයේ රාත්‍රියේ සිට කිතුණු බැතිමතුන් විශාල පිරිසක් එම දේවස්ථානයට රැස්වන බවටයි ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ.

මේ සදහා දේවස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ එම දේවස්ථානයේ ඇන්තනි ප්‍රනාන්දු පියතුමන්.

https://www.vnews.lk/storage/2023/09/FATHER-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content