වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියකට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

මෙහිදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමට සැලසුම් කිරීම හා අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු කොටුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදු කළ ප`ශ්න කිරීම් වලදී වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු ඉහළ බෝහිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28, 30 සහ 34 යන වයස් වල පසුවන කොටුවිල, නවගමුව සහ ඉහළ බෝමිරිය යන පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content