මන්නාරම නගරයට පිවිසෙන පාලම අසළ කලපුවේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් හමුවු බව මන්නාරම පොලිසිය පවසනවා.

එම පුද්ගලයා අවුරුදු 35 – 45 ත් අතර වයසක පසුවන, උස අඩි 05 යි අඟල් 10 ක් පමණ වන පුද්ගලයෙකු බවටයි පොලිසිය සදහන් කළේ .

අදාළ පුද්ගලයා මියයන විට, කළු පාට අත් දිග කමිසයක් සහ නිල් හා සුදු කොටු සරමක් හැඳ සිට තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

WhatsApp Group

Skip to content