මන්නාම දකුණු මුහුදු තීරයට පසුගිය දින කිහිපයේදී මියගිය කැස්බෑ සහ ඩොල්ෆින් මසුන්ගේ මළ සිරුරු ගොඩ ගසා ඇති බවට මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලය පවසනවා.

මන්නාරම දකුණු මුහුදු තීරයේ මළ සිරුරු පසුගිය දින කිහිපයේදී ගොඩගසා ඇති අතර ඊට අමතරව මරණාසන්නව සිටි අසාධ්‍ය තත්ත්වයේ සිටි කැස්බෑවන් කිහිප දෙනෙකුද ගොඩ ගසා ඇතැයිද වනජීවි නිලධාරීන් පවසනවා.

කැස්බෑ මළ සිරුරු සහ ඩොල්ෆින් මළ සිරුරු පිළිබඳ ප්‍රදේශයේ ධීවරයින් දැක ඒ සම්බන්ධයෙන් නාවික හමුදාවට දැනුම්දීමෙන් පසුව නාවික හමුදාව විසින් වනජීවි නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් විසින් අදාළ ස්ථානයන්ට ගොස් නාවික හමුදාවේද සහයෙන් කැස්බෑ මළ සිරුරු එකතු කිරීමට පියවර ගෙන ඇත.

මෙලෙස කැස්බෑවුන් සහ ඩොල්ෆින් මසුන් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියයාමට හේතු සෙවීම සඳහා එම සතුන්ගේ කොටස් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද මන්නාරම් වනජීවි නිලදාරී කාර්යලය වැඩිදුරටත් පවසනවා.

WhatsApp Group

Skip to content