මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම් ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ අනුව  මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ ලේකම් තනතුර සදහා පූර්ණ කාලීනව වැඩ බැලීමේ පදනමෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එම්.ජේ.කේ.එන් අධිකාරි මහතා ද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා පත්වීම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියකු වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකොන් මහත්මිය ද මෙහිදි සිය පත්වීම් ලිපි පළාත් ආණ්ඩුකාරවරයා අතින් ලබාගැනීම සිදුවුණා.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සුවිශේෂි අමාත්‍යාංශයක් බවත්, එහි කටයුතු පරිපාලනය කිරීමේදී වඩා වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බවත්ය.

ඩෙංගු උවදුර ඇතුලු කඩනමින් පාලනය කළ යුතු සෞඛ්‍ය අවධානම් සදහා ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පවතින බවත්, ලැබූ අයදුම්පත්‍ර අතරින් වඩා කාර්යක්ෂම අයුරින් ක්‍රියා කරනු ඇතැයි විශ්වාසය මත මෙම පත්වීම් සිදුකළ බවත්, එම විශ්වාසය රැකිය යුතු ව පවතින බවත් එම මහතා ‍මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද සහභාගී වුණා.

WhatsApp Group

Skip to content