මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් චෝදනාවක් මත ඔහු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සදහන් කළේ.

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සදහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදීයි සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් තිදෙනා අතර සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ද වන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content