නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු  කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන  තිබෙනවා .

කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ජාවාරම හසු වී ඇති බව සදහන්.

නාවික හමුදාව සඳහන් කළේ මත්පෙති පන් ලක්ෂ 70,000 ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග අදාළ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් බවයි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 39 යන වයස්වල පසුවන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන් .

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව  තිබෙනවා

WhatsApp Group

Skip to content