වවුනියාව, කල්මඩු ඊශ්වරපුරම් ප්‍රදේශයේ දී සවලකින් පහරදී සිය මිතුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පවසනවා.

මිතුරන් දෙදෙනකු විසින් පසුගිය 09 පැවැත්වූ මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඝාතනය සිදුකොට ඇති බව පොලිසිය කියා සිටියේ.

ඝාතනය කොට ඇත්තේ වවුනියාව, කල්මඩු , ඊශ්වරිපුරම් හි පදිංචි වේලුසාමි නිශාන්තන් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකි.

මත්පැන් පානය කරමින් සිටින අතරතුර පැරණි ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් සැකකරු සවලක් රැගෙන මියගිය පුද්ගලයාට පහරදී ඇති බවත්, පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වවුනියාව රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

පොලිසිය පැවසූයේ ඝාතනය සිදු වූ  ස්ථානය පරීක්ෂා කිරීමේදී මත්පැන් බෝතල්, මියගිය පුද්ලයාට පහරදීමට යොදාගත් සවල සහ මියගිය පුද්ගලයාගේ භාණ්ඩ කිහිපයක් සොයාගත් බවත්යි.

ඝාතනයත් සමඟ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිට ඇති අතර ඊච්චන්කුලම පොලිසිය වෙත පැමිණ තමන් විසින් කළ අපරාධය පාපොච්චාරණය කොට පොලිසියට භාරවී ඇති බවත් සඳහන්.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණා.

අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව , කල්මඩු ඊශ්වරිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර  වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊච්චන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

WhatsApp Group

Skip to content