මත්පැන් මිල පහළ දමන බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එවැනි මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් හෝ උපදෙස් ලබාදීමක් සිදුකර නොමැති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එළඹෙන උත්සව සමය නිමිත්තෙන් මත්පැන් මිල පහළ දමන බවට පසුගිය දින කිහිපයේ ප්‍රවෘත්ති පළ වී තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමිනුයි සුරාබදු දෙපාර්තමේන්තුව මේ බව අවධාරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content