එළඹෙන වසරේ ජනවාරි පළමු වැනිදා සිට මත්පැන් බලපත්‍ර අලුත් කිරීමට අදාළ නිෂ්කාශන සහතික ඉල්ලුම් කිරීමේදී කරුණු කිහිපයක් පිළිබදව විශේෂ අවධානය යොමු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, 2023 – 2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු අනිවාර්යයයෙන් ගෙවා තිබිය යුතු අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයටද මුල් කාර්තු දෙක සදහා ගෙවීම් සිදුකර තිබිය යුතුයි.

එමෙන්ම නියමිත පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවා තිබිය යුතු අතර, වෙනත් බදු සදහා ලියාපදිංචි වී ඇත්නම් ඊට අදාළ වාර්තා ලබාදී ඒවාද ගෙවා නිමකර තිබිය යුතු වනවා.

බදු ගෙවීමට නොමැති නම් ඊට හේතු අයදුම්පතෙහි සඳහන් කළ යුතු අතර, අදාළ නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content