ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේදී හෙරොයින්, අයිස්, කෙරළ ගංජා සහ මත්පෙති සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ.

මෙහිදී අත්අඩංගුවටගත් සැකකාරි සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 610ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලිග්‍රෑම්100ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 240 ක් සහ මත්පෙති 900 ක් සොයාගත් බව පොලීසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකාරිය 67 හැවිරිදිවියේ පසුවන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content