විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලය වටලන මෙහෙයුම මගින් සිදුකල වැටලීම් 691කදී සැකකරුවන් 677ක් සහ සැකකාරියන් 15ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ මෙහෙයුමක්පසුගිය 17 වනදා ආරම්භ කෙරුනා.
ඒ අනුව අත්අඩංගුවට ගත පිරිසෙන් සැකකරුවන් තිස් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත අතර තවත් සැකකරුවන් 18ක් පුනරුත්ථාපනය සඳහා යොමුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුමේදී බස්නාහිර පළාතෙන් පමණක් සැකකරුවන් 448ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර දකුණු පළාතේ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 72ක් .

WhatsApp Group

Skip to content