මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමක තොරතුරු හෙලිව තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ මාලදිවයින ආසන්න සාගර කලාපයේ සිට මෙරටට ළගා වෙමින් තිබු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී මේ බව අනාවරණ වු බවයි.

අදාළ බෝට්ටුවේ සිටි ඉරාන ජාතිකයින් හය දෙනෙකු සහ පාකිස්ථානු ජාතිකයින් දෙදෙනෙකු පරීක්ෂා කිරිමේදී ඔවුන් සතුව තිබු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සදහන් කළේ.

WhatsApp Group

Skip to content