මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මෙමඟින් මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

පසුගිය ජුනි මස 08 වැනිදා කථානායකවරයා විසින් මේ සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාවක් පත් කලා .

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාව, කමිටු සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විතයි .

මහජනතාවට යොමුකිරීමට තිබෙන අදහස් හා යෝජනා ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය.

ඒ අනුව මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව සහ සංවිධානවලට 2023 ඔක්තෝබර් මස 12 වැනිදාට හෝ ඊට ප්‍රථම අදාළ යෝජනා හා අදහස් යොමු කළ හැකි වනවා .

WhatsApp Group

Skip to content