මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසනවා .

ඒ පිළිබඳ අවධානය යොමු වී ඇත්තේ, පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදියි .

ඒ සඳහා වන වූ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා .

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම විශේෂ කාරක සභාව පත්කෙරෙනු ඇති.

 

WhatsApp Group

Skip to content