මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස බන්ධනාගාර රැඳවියෙකු බන්ධනාගාර ජල ටැංකිය මත නැග සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති පුද්ගලයෙකු මෙලෙස ජල ටැංකියට නැග තිබෙනවා.

අධික ලෙස මත්පැන් පානයට හුරුව ඇති මෙම පුද්ගලයා ගාල්ල බන්ධනාගාරයේ සිටිය දී මත්ද්‍රව්‍ය ඉල්ලා එම බන්ධනාගාරයේ බෝ ගසටද නැග තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධව මෙම පුද්ගලයාට ප්‍රදේශ රැසක පොලිසිවලින් චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content