විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමටයි මහජන උපයෝගීතා කොමිසම පියවර ගනු ලැබුවේ.

එහෙත් පසුගිය 10 වනදා ද ලංකා විදුලිබල මණ්ඩලය අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කෙරෙන අතර විදුලිබිල අඩු කිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේදී ප්‍රකාශ කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරනු ලබනවා.

WhatsApp Group

Skip to content