ගතවූ පැය 24 තුළදී යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 1676 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන්ගෙන් 119 දෙනෙක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ.
එසේම, සැකකරුවන් 45 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 112 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 132 දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මේ අතර යුක්තිය මෙහෙයුම සම්බන්ධව විවිධ පාර්ශ්ව විසින් අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් සිටින බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ එලෙස අසත්‍ය ප්‍රචාර පතුරුවනු ලබන්නේ කුමනාකාරයෙන් හෝ මත්ද්‍රව්‍ය සමග සම්බන්ධතා පවත්වනු ලබන පුද්ගලයින් බවයි.
වොයිස් කට් – ටිරාන් අලස්