අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහා අධ්‍යයනයක් කර මහ ජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක් ම ඉවත් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදාළ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය වරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට මෙම නියෝග ලබා දී  තිබේනවා.

පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාතයවරයා උපදෙස් දී ඇත්තේ.

මේ අතර කොළඹ නගරයේ ඇති ගස්වල ස්ථායීතාව සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ අධ්‍යනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

විශේෂඥ කමිටුවක් හරහා මෙම අධ්‍යනය සිදුකරන බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content