මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නිකුත් කරන ලද මගි ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව හැටන් මහෙස්ත්රාරත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (13) දින කටයුතු කර තිබෙනවා.

ඒ අනුවල හැටන් නුවරඑලිය මාර්ගයේ ධාවනය කල සුඛෝපභෝගි බස් රථ දෙකකට සහ හැටන් විග්ටන් මාර්ගයේ ධාවනය කළ බස් රථයකට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමටයි පියවර ගෙන ඇත්තේ.

හැටන් බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන මෙම පෞද්ගලික බස් රථ තුන පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන්ගේ සහය ඇතිව ධාවනය කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.

ධාවනයෙන් ඉවත් කල බස් රථ තුනේ අයිතිකරුවන්ට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් එම මාර්ගවල මගි ප්‍රවා‍හනය සදහා බලපත්‍ර නිකුත් කර ඇතත්, එම බලපත්‍රවල සඳහන් ලියාපදිංචි බස් රථ වෙනුවට වෙනත් බස් රථ ධාවනය කර ඇති බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උපොප චිරාජ් කුලසුරිය මහතා කියා සිටියේ.

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ මගි ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට ධාවනය කරවන සියළුම බස් රථ පරික්ෂා කිරිමට පියවර ගන්නා බවද රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content