මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

කවුරුන් හෝ පුද්ගලයෙක් එවැනි අසාධාරණයන්ට ලක්වූවහොත් වහාම අමාත්‍යංශය දැනුවත් කරන ලෙසයි අමාත්‍යවරයා සඳහන් කලේ.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවයි.

මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් කාර්යාලයක් පමණක් විවෘත කිරීමෙන් සෑහීමකට පත්නොවී උපරීම සාධාරණ සේවාවක් සපයන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

WhatsApp Group

Skip to content