මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.

ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා අතරින් එක් අයෙකුගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදුව ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වුණේ.

ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

අනෙක් පුද්ගලයා අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content