තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.

ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එරට ජීවිත හා දේපළ හානි දැකීමෙන් තමා දැඩි කම්පනයට පත් වූ බවයි.

එමෙන්ම විපතට පත් වූ ජනතාව වෙනුවෙන් නැගී සිටින බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර විපක්ෂ නායකවරයා එම ට්විටර් පණිවිඩයෙන් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානමින් සිටින බවයි.

WhatsApp Group

Skip to content