භූමිතෙල් මිල අඩු වුවද මාළු මිලෙහි වෙනසක් සිදු කළ නොහැකි බව ධීවර සංගම් පවසනවා.

ගෘහස්ථව භාවිතයට ගන්නා භූමිතෙල් මිල රුපියල් 50 කින් අඩු කළ අතර කාර්මික භූමිතෙල් මිල රුපියල් 134 කින් අඩු කිරීමටයි මේ මස පළමුවැනිදා සිට පියවර ගැනුණේ.

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මාළු මිල ගණන් අඩු කිරීමට එම මිල සංශෝධනය ප්‍රමාණවත් නොවන බවයි.

මෙම දිනවල වෙළදපොළේ මත්ස්‍ය තොග මිල ගණන් සැලකීමේ දී බලයා කිලෝවක් රුපියල් 1,200 ත් 1,300 ත් අතර අගයකත්, කෙළවල්ලා කිලෝවක් රුපියල් 1700ත් 1800 ත් අතර අගයකත් පවතිනවා.

කෙසේ වෙතත් මේ දිනවල මසුන් අල්ලා ගන්නා ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි ධීවර සංගම් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content