බුදුදහමට අපහාද වන ආකාරය ප්‍රකාශ සදහා ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත බෲනෝ දිවාකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැය අටක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් ආගමික නිදහසට හානිවන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කිරීමට සහය දැක්වීම ඔහුට එරෙහි චෝදනා වනවා.

බුදුදහමට අපහාස වන ප්‍රකාශයක් සිදුකර රක්ෂිත බන්ධනාගාරගතකර සිටින නතාෂා එදිරිසුරිය නැමැත්තියට ආධාර අනුබල ලබා දීම ද මොහුට එරෙහි චෝදනා වනවා.

ආගම් ඉලක්කර ගනිමින් සිදුකෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළ විවිධ අදහස් පලවනවා.

මේ ඊයේ පැවති ජන හමුවකදී අදහස් පලකළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා.

https://www.vnews.lk/storage/2023/06/TILVIN-SILWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content