නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගැනීම හේතුවෙන් ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

‘ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත්ල එම මගී යානයේ බෝම්බයක් ඇතැයි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශවලට දැනගන්න ලැබුණේ ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවීමට සූදානම් වන අවස්ථාවේදියි.

එම අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 176 දෙනකු සිටි බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සහ බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් පැමිණ යානය හිස් කර යානය සෝදිසි කළ නමුත් පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ බෝම්බයක් හෝ හමු නොවුණු බව සදහන්.

WhatsApp Group

Skip to content