හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් (28) දින වාර්ෂික බෝනස් මුදල් ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය.

පිහිනුම් නිමි ඇදුම් නිෂ්පාදනය කරන එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 750 දෙනෙකු පමණ සේවය කරන අතර , එම සේවකයින්ගෙන් වැඩි පිරිසක් වැඩ වර්ජනය කරමින් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලකයින්ගෙන් වාර්ෂිකව ලබාදෙන රු 24000/= බෝනස් මුදල ලබාදෙන ලෙස බලකරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

වැඩ වර්ජනයේ නිරත සේවකයින් පිරිසක් ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් පිටතට පැමිණ සිටි අතර , තවත් පිරිසක් ඇගළුම් කර්මාන්ත ශාලාව තුල රැදි සිටිමින් විරෝධතාවයේ නිරත විය.

එම සේවකයින් කියා සිටින්නේ එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ වසර ගණනාවක සිට වාර්ෂික බෝනස් මුදල ලබාදුන් බවත්, කොඩිව් 19 වෛරසය පැතිර ගිය කාලයේ පමණක් එම මුදල ලබානොදුන් බවයි.

රටේ පවතින ජිවන වියදම අනුව දැනට එම ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් ලබා ගන්නා වැටුප ප්‍රමාණවත් නොවන බවත්, එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ අවුරුදු සැමරිමට එම මුදල ලබාදෙන ලෙසයි වැඩ වර්ජනයේ නිරතව සිටින ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් කියා සිටින්නේ.

අප මේ සම්බන්ධයෙන් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ උසස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ රටේ දැනට පවතින ආර්ථික අර්බුධය හමුවේ ඇගළුම් කර්මාන්ත ශාලාව වෙත ලැබි ඇති ඇණවුම්වල විශාල අඩුවක් පවතින බවත්, එවන් තත්ත්වයක් මත මෙතෙක් සේවකයන් වෙත ලබාදුන් වාර්ෂික බෝනස් මුදල මෙවර ලබාදිමට නොහැකි වුවද එළඹෙන උත්සව සමය වෙනුවෙන් උත්සව අත්තිකාරම් වශයෙන් රු 7500/= මුදලක් මෙවර සේවකයින්ට ගෙවිමට පියවර ගෙන ඇති බවයි.

විඩියෝව පහතින් නරඹන්න…

 

WhatsApp Group

Skip to content