උනවටුන රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර බෝට්ටුවක් පෙරලි යාමෙන් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
පසුගිය 28 වැනිදා බෝට්ටුව පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී එක් ධීවරයෙක් බේරා ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
අතුරුදන් වූ ධීවරයන් අවුරුදු 42 සහ 56 යන වයස්වල පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව සඳහන්.
ඒ අනුව මෙම ධීවරයන් දෙදෙනා සොයා පොලිස් නිලධාරීන් නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content