බෝගම්බර බන්ධනාගාරය පෞරාණික බව රැකගනිමින් ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීමට පෞද්ගලික ආයෝජකයෙකු ඉදිරිපත්ව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති අතර, විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කිරීමත් සමග එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content