මහනුවර පැරණි බෝගම්බර හිර ගෙදර පරිශ්රය නිකරුනේ අත්හැර දමා තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසන බවට ඇතැම් මාධ්ය පළ කර තිබූ වාර්තා අසත්ය බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්යම පළාත් අධ්යක්ෂ ඊ.ඒම්.එස්.බී. ඒකනායක මහතා පවසයි.
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්රය සම්බන්ධයෙන් කිසිම මාධ්ය ආයතනයක් තමන්ගෙන් නොවිමසූ බවත්, තම කාර්යාලයේ කිසිදු අයෙක් මාධ්ය වෙත එවැනි ප්රකාශයක් නිකුත් කර නොමැති බවත්, පළාත් අධ්යක්ෂවරයා තවදුරටත් පැවසුවේය.
නාගරික සංවර්ධන අධිකාරියේ මධ්යම පළාත් භාර අධ්යක්ෂ ඊ.ඒම්.එස්.බී. ඒකනායක මහතා මේ බව සඳහන් කළේ බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්රය සම්බන්ධයෙන් ජන මාධ්යවල පළ වී තිබූ වාර්තා සම්බන්ධයෙන් මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විසින් ඊයේ (12) පැවති මහනුවර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේදී කරුණූ විමසූ අවස්ථවේදීය.

WhatsApp Group

Skip to content