ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ.

වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කර ඇත්තේ රුසියාව සිය බොර තෙල් සැපයුම ඉහළ නැංවීමට තීරණය කිරීම, ජෙට් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවීම සහ අමෙරිකානු පොලි අනුපාත ගැන එරට මහ බැංකු තීරණයට දින කිහිපයකට පෙර වෙළෙඳපොළ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් එසේ බොර තෙල් මිල අඩුවී ඇති බවයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස දැක්වුණි.

නමුත් මීට පෙර බොර තෙල් මිල මාස 4කින් වැඩිම මිල වාර්තා කළේය.

ඊට හේතු වූයේ සෞදි අරාබිය සහ ඉරාකය බොර තෙල් සැපයුම අඩු කිරීම, චීනයේ සහ අමෙරිකාවේ ආර්ථිකය වර්ධනයේ සුබදායී දත්ත බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසීය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ රුසියාව මාර්තු මාසයේ සිට සිය බොර තෙල් අපනයනය දිනකට බැරල් 200,000කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

WhatsApp Group

Skip to content