මෙරටට බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක් දැරීමට රජයට සිදුවී ඇති බව වාර්තා වනවා.

ඒ, වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවා ඇති තෙල් සංස්ථාවේ ඒකකයක නිලධාරීන්ගේ වැරදි අනාවැකියක් හේතුවෙන් බව සඳහන්.

අගෝස්තු මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇති බවට පුරෝකතන කළද ජූලි මාසයේදී ඩොලර් 83 යි දශම 93ක් වූ බොරතෙල් බැරලය අගෝස්තු මාසයේදී ඩොලර් 82 යි දශම 52 දක්වා පහළ බැස තිබෙනවා.

ඒ, අනුව අගෝස්තු මාසයේදී බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් බොරතෙල් නැවක් ගෙන්වීම හේතුවෙන් මෙම අලාභය සිදුව තිබුනා.

WhatsApp Group

Skip to content