මහනුවර බොගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද  පෙරවරුවේ එම කාන්තා සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක්.

මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මහනුවර පොලීසිය පැවසුවා.

WhatsApp Group

Skip to content