බුදු දහම සහ මේ වන විට අප ගමන් කරමින් සිටින නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් ඇති බවත් ලෝකය හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනිමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනයත් මෙරට ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳව අධ්‍යයනය කළ හැකි සහ පාලි, සංස්කෘතික ඇතුළු භාෂා දැනුම වර්ධනය කර ගත හැකි නව ආයතනයක් මෙරට ස්ථාපිත කිරීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසයේ අනුරාධපුර මහා විහාරය සිදු කළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම එහි අරමුණ බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ පස්වරුවේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකතෘ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

WhatsApp Group

Skip to content