බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබද පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පැවසුවේ ඒ සදහා රුපියල් බිලියනයක් වෙන් කරන බවයි.

මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

කෘත්‍රිම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් අදාළ පර්යේෂණ කටයුතු ලබන තෙක් කල් තැබීමට සිදුව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content