බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා, සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පැවසුවේ එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 2.4 ක් ලෙස සටහන්ව ඇති බවයි.

ඊයේ රාත්‍රී 11.20 ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

පසුගිය මාස කිහිපයේදීම දිවයිනේ ස්ථාන කිහිපයකින් භූ කම්පන රැසක් වාර්තා වුණා.

කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ අදාළ භූ කම්පන සම්බන්ධයෙන් බිය නොවන ලෙසයි.

WhatsApp Group

Skip to content