බීමත් ටැක්සි රථ රියදුරෙක් ඉන්දියාවේ නවදිල්ලිය හි කඩවීදියකට කඩාවැදී, අධික වේගයෙන් රිය ධාවනය කර සිදුකළ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 15 දෙනෙක් තුවාල ලබා ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුරින් 22 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සෙසු පිරිස බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුර සිදුවීමෙන් අනතුරුව කුපිත වූ ජනතාව මෝටර් රථයට ප්‍රහාර එල්ල කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණී.

WhatsApp Group

Skip to content