සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම පරීක්ෂණ කට්ටල 70,000 කට අධික ප්‍රමානයක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලැබී ඇති බවත් ඉදිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථානවලට යොමු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා ද සදහන් කලා .

https://www.vnews.lk/storage/2023/04/NIHAL-THALDOOWA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content