නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හතලිහකට (2,040) අධික (තෙත බර සහිතව) තොගයක් සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 ඔක්තෝබර් මස 22 වන දින පුත්තලම කලපුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම කලපුවේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 38 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගත් අතර, 2024 ඔක්තෝබර් මස 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය විසින් පුත්තලම පාලවිය ප්‍ර‍දේශයේ ලොරි රථයක (01) තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර හැටක (60) අසුරන ලද බීඩි කොළ කිලෝ එක්දහස් පන්සිය තිස් හතරයි (1,534) ග්‍රෑම් නවසීයක (900) පමණ තොගයක් සමඟ එම ලොරි රථය (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

එමෙන්ම, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් 2024 ඔක්තෝබර් මස 23 වන දින නොරෝච්චෝලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදේ පාවෙමින් තිබූ උර දහතුනක (13)  අසුරන ලද බීඩී කොළ කිලෝ හාරසිය හැට හතයි (467) ග්‍රෑම් හැත්තෑවක (70) ක පමණ තොගයක් වශයෙන්, බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හතලිහකට (2,040) අධික (තෙත බර සහිතව) තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

WhatsApp Group

Skip to content