වව්නියාව මහ රෝහලේදී අලුත උපන් බිළිදෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසිනුයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

අදාළ විමර්ශනය සදහා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

මියගිය බිළිදාගේ දෙමාපියන් විසින් ඊයේ වව්නියාව මහ රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වු අතර ඔවුන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙසයි.

WhatsApp Group

Skip to content