ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ බිහිසුනු දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.

දුම්රිය තුනක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 200කට අධික වන අතර තවත් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබු කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පීලි පැනීමටකට ලක්ව තිබෙනවා.

එම දුම්රියේ මැදිරි කිහිපයක් ඊට ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගයට වැටී කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබු තවත් දුම්රියේ ගැටී තිබුණා.

එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මෙහිදී අනතුරට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරට ලක්වුවන් සොයා විශේෂ මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මකවනවා.

එම ස්ථානයට ගිලන්රථ 200ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ට්විටර් පණිඩිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ අනතුරට පත්වුවන් මුදා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.

WhatsApp Group

Skip to content