ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්රාථමික සෞඛ්ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.
ඒ අනුව ඉදිරි අවුරුදු පහ තුළ ලෝක බැංකු ආධාර යටතේ රුපියල් බිලියන 70 ක්, වර්ෂයකට රුපියල් බිලියන 14 ක් බැගින් වැය කොට මෙරට ප්රාථමික සෞඛ්ය සේවාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, ඒ තුළින් රෝගියාට සියලු ප්රතිකාර සේවාවන් එකම ආයතනයක් තුළදී විශේෂඥ වෛද්ය පහසුකම් සහ තොරතුරු සහිතව ලබා ගැනීමේ නව ක්රමවේදයක් මෙයින් ඇති වන බවත් ලේකම්වරයා පවසයි.
පසුගියදා රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඒ මහතා මේ බව අවධාරණය කළේය.

WhatsApp Group

Skip to content