තිස්සමහාරාම – කාවන්තිස්සපුර ප්‍රදේශයේදී බිරිඳ සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් බිරිඳ විසින් නිවසේ තිබූ ක්‍රිකට් පිත්තකින් සැමියාගේ හිසට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

බරපතළ තුවාල ලැබූ සැමියා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්දිය සම්බන්දයෙන් 42 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content