බිත්තර සහ කුකුළු මස් අපනයනය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කුරුළු උන රෝගය පැවැතියන රටවල බිත්තර සහ කුකුළු මස් ආපනයනය සීමා වීමත් සහ එහි වාසිය ලබා ගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ගැටඹේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්දඅමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙරට මස් සහ බිත්තර නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබද කිසිදු ගැටළුවක් නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-4.mp3?_=1

මේ අතර බිත්තර සහ කුකුළු මස් මිල සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද මාධ්‍ය හමුවේ අදහස් පලකළා.

අමාත්‍යවරයා පැවසුවේ බිත්තර මිලියන 92ක් ආනයනය කිරීම සදහා කැබිනට් මණ්ඩාලය අනුමැතිය ලබා දී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/09/NALIN-EDIT-2.mp3?_=2

WhatsApp Group

Skip to content