බිත්තර මිල ඉදිරියේදී තවත් ඉහල යනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් මහතා සඳහන් කලේ ලබන වසරේ ජනවාරි මස සිට බිත්තර සඳහා 15%ක වැට් බද්දක් එකතු කිරීමට නියමිත බවයි.

පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළද, එම නියම කරන ලද මිල ප්‍රමාණයන් අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවයි ඒ මහතා පවසන්නේ.

පාරිභෝගික අධිකාරිය විසින් ජූලි 02 වැනිදා සිට බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබූවා.
එහිදී සුදු බිත්තරයක් රුපියල් 43ත් 47ත් අතර මිලකට ද, දුඹුරු බිත්තරයක් රුපියල් 45ත් 49ත් අතර මිලකට අලෙවි කළ යුතු බවයි සඳහන් කෙරුනේ.

WhatsApp Group

Skip to content