බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.
චීන රජයෙන් ලද, මෙම එක් යන්ත්‍රයක් මඟින් පවුල් කිහිපයකට සෘජු ආදායම් මාර්ග විවෘත වන අතර එකී පවුල් ආශ්‍රීත ගම්මානවල පවුල් රැසකට මෙමගින් වක්‍ර ප්‍රතිලාභ හිමිවේ.
ආදායම් උපයන මාර්ග වැඩිදියුණු කිරීම, පවුල්වල පෝෂණය වැඩි දියුණු කිරීම, රටේ පොදු බිත්තර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, ගෘහ මට්ටමින් ස්වයංපෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීම, ග්‍රාමීය ව්‍යවසායකයන් බිහි කිරීම මෙම වැඩසටහන මගින් අපේක්ෂිත අරමුණ වේ.

WhatsApp Group

Skip to content