මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා.

පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28 ත් 32 ත් අතර මිල පරාසයක පැවති බිත්තරයක මිල දිනෙන් දින මෙසේ ඉහළ යන බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ.

නිෂ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

එමෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින්, දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති බවටයි එම ආරංචි මාර්ග පවසන්නේ.

WhatsApp Group

Skip to content