මිනුවන්ගොඩ – බොර`ඵගොඩ වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකින් අතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය විසින් පසුගියදා සොයාගෙන තිබෙනවා.

අවුරුදු 11, 15 සහ 18 යන වයස්වල පසුවන මෙම මෙහෙණින් වහන්සේලා ඉකුත් 25 වන දා 32 හැවිරිදි කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවටයි මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මෙම මෙහෙණින් වහන්සේලා වේයන්ගොඩ කැන්දලන්ද ආරාමයේ වැඩවාසය කර ඇති අතර අධ්‍යාපන කටයුතු සදහා මිනුවන්ගොඩ බොර`ඵගොඩවත්ත ආරාමයට වැඩම කරන බවයි පොලිසිය කියා සිටියේ.

එම ආරාමයට පැමිණ සිටි හාලිඇල ප්‍රදේශයේ කාන්තාවක් මෙහෙණින් වහන්සේලා තිදෙනා පසුගිය 25 වන දා නුවරඑළිය ප්‍රදේශයේ ඇගේ ඥාති නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එම නිවස හිමි කාන්තාවට සිද්ධිය දැනුම් දීමෙන් පසුව ඇය මෙහෙණින් වහන්සේලා තිදෙනාව නුවරඑළිය පොලිසියට භාරදී තිබෙනවා.

ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් මෙලෙස පලා ආ බවටයි මෙහෙණින් වහන්සේලා පොලිසියට පවසා ඇත්තේ. මෙම තිදෙනාව නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව මේ වන විට නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහෙණින් වහන්සේලා තිදෙනා සහ එම කාන්තාව පිළිබද මිනුවන්ගොඩ පොලිසිය මගින් වැඩදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

WhatsApp Group

Skip to content